මීට කලින් ලිපියකදී අප ඉගුරු වගාවට අදාල මූලික කරුණු සාකච්ඡා කළෙමු. මෙම ලිපිය තුළින් අප සාකච්ඡා කරනු ලබන්නේ ඉගුරු වගාවට බලපාන රෝග හා ඒවා මර්දනය කරන්නේ කෙසේද කියාය. මෙහිදී අප ප්‍රධාන රෝග හා පළිබෝධ 3ක් ගැන කරුණු ගෙන එමු.
1) මෘදු කුණුවීම
පීතියම් වර්ගයේ දිලීර හෝ Pseudomonas Solanesium
දිලීර නිසා මෙම මෘදු කුණුවීමේ රෝගය වැළදේ. මෙය වැළදෙන්නේ ඉගුරු පැළවල ගෙල ප්‍රදේශයටයි.
මින් පසුව වායව කොටස් කහ පැහැයට හැරී රෛසෝමය මෘදු කුණුවීමකට ලක්වේ.
රෝගය පාලනය කිරීමට ක්‍රම කීපයකි. එහිදී වැදගත්ම කරුණ වන්නේ නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ක්ශේත්‍රයේ ජල වහන තත්වය දියුණු කිරීම මෙම රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩු කරයි. දැනටමත් රෝගය වැළදී ඇති පැළ වේ නම් ඒවායේ රෛසෝම ගලවා ඉවත් කර පුළුස්සා දැමීම රෝගය පාලනය කළ හැකි තවද ආකාරයකි. තත්වය පාලනය කළ නොහැකි අවස්ථාවලදී කැප්ටාන් වැනි දිලීර නාශකයකින් වර්ග මීටරයකට ග්‍රෑම් 6ක් ඉසීම කළ හැකිය.
2) පත්‍ර අංගමාරය
Clectrotum Capsis නමැති දිලීරය විසින් මෙම පත්‍ර
අංගමාර රෝගය ඇති කරනු ලබයි. පත්‍රවල දුඹුරු පැහැති කහ පුල්ලි ඇතිවේ. තත්වය පාලනය
කළ නොහැකි අවස්ථා වලදී කැප්ටාන් වැනි දිලීර නාශකයක් යෙදීම කළ හැකිය.
3) කද විදින පණුවාගේ හානිය
මෙම පණුවා ඉගුරු පැලයේ රෛසෝමය විදීම සිදු කරයි.
පසුව එම තුවාල ද්විතීයික ආසාදනවලට ලක්වී රෛසෝමය කුණුවීමට ලක්වේ. වායව සිටුවන
අවස්ථාවේදීම කාබොෆියුරාන් 3% කැටවලින් හෙක්ටයාරයක් සදහා කිලෝ 17-22 යෙදීම හෝ හානිය
සහිත අවස්ථාවේ Dimethete වැනි කෘමිනාශකයක් යෙදීමෙන් මෙම කද විදින පණුවා පාලනය
කිරීම කළ හැකිය.
තවත් කියවන්න:
No comments:
Post a Comment