හවරි මෑ
මේවායේ අස්වැන්න ලැබීමට දින 60-70 ගතවේ.
හෙක්ටයාරයකින් ටොන් 12ක පමණ අස්වැන්නක් ලැබිය හැකිය. ලා කොළ පැහැති කරල් වන අතර අග
දම් පැහැති වේ. කරල සෙන්ටිමීටර 45-50 පමණ දිගය. මේවායේ බීජ කලු පාටින් යුතුය.
පොළොන් මෑ
දින 60-70 කාලයකින් අස්වැන්න නෙලා ගත හැකිවේ.
හෙක්ටයාරයකින් ටොන් 12ක පමණ අස්වැන්නක් ලබාගත හැකිය. තද කොළ පැහැති කරල්වල දම්
පැහැ කරල් ඇත. කරලක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 30ක් පමණ දිග අතර බීජ කලු පැල්ලම්
සහිත ක්‍රීම් පාටය.
ගන්නෝරුව හවරි
ස ාමාන්‍යයෙන් දින 45කින් පමණ අස්වනු නෙලා ගත
හැකිය. හෙක්ටයාරයකින් ටොන් 35ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. කරල ලා කොළ පැහැති වන
අතර සෙන්ටිමීටර 50-55ක් පමණ දිගු වේ. බීජ රතු දුඹුරු පැහැති වේ.
ගන්නෝරුව A9
අස්වනු නෙළා ගැනීම සදහා දින 50-55 අතර කාලයක්
ගතවේ. හෙක්ටයාරයකින් ටොන් 21-24 අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය. මෙම විශේෂය පාදස්ථ
කුණුවීමේ රෝගයට ඔරොත්තු දේ. කොළ පාටැති දිග මාංශල කරලක් වන මෙහි බීජ කළු පැහැති වන
අතර තද දුඹුරු පැල්ලම් වලින් යුතුවේ.
බී.එස් 1
දින 45-50 කාලයකින් අස්වැන්න නෙලා ගත හැකිය. ලා
කොළ පැහැති කරලක් වන මේවායේ බීජ ක්‍රීම් පාටැති වේ. එසේම දුඹුරු පැල්ලම් සහිතය.
හෙක්ටයාරයකින් ටොන් 10 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය.
සේන
දින 45-50 කාලයකින් අස්වනු නෙලා ගත හැකිවේ.
හෙක්ටයාරයක වගාවකින් ටොන් 10ක පමණ අස්වැන්නක් ලැබේ. කරල් ලා කොළ පැහැති වන අතර ක්‍රීම්
පාට බීජවල ලපය රතු දුඹුරු පැහැති වේ.
පදුරු පොළොන්
පදුරු ආකාර වේ. දින 45-50 කාලයකින් අස්වනු නෙලා
ගත හැකිය. හෙක්ටයාරයකින් ටොන් 10ක පමණ අස්වැන්නක් ලැබේ. කරල කොළ පැහැයෙන් යුක්ත වන
අතර දම් පැහැති පැල්ලම් සහිතය. ක්‍රීම් පාටැති බීජවල ලපය කලු පැහැති වේ.
(මූලාශ්‍ර: කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑ වගාව PDF
ඇසුරෙනි)
