ඉගුරු වගාව යනු මූලිකවම ආසියාව කේන්ද්‍ර කරගත් බෝගයකි. 1500 දශකයේ දේශගවේශණයත් සමග ඉගුරු සදහා යුරෝපීය වෙළදපොල තුළ දැඩි ඉල්ලුමක් ඇතිවිය. අදවනවිටද ඉගුරු සදහා ඉහළ ඉල්ලුමක් විදේශයන්හි පවතී. ලංකාව යනු ඉගුරු වගාව ඉතා සාර්ථකව කළ හැකි රටක් වන අතර නිවැරදිව එය සිදුකළහොත් ඉතා ඉහළ ආදායමක් ලැබිය හැකි ආර්ථික බෝගයකි. මෙම බෝගය චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ජැමෙයිකාව හා තායිවානය යන රටවල මහා පරිමාණයෙන් වගා කිරීම සිදුකරනු ලබයි.
ශ්‍රී
ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපය ඉගුරු වගාව සදහා ඉතා උචිත වන අතර ප්‍රධාන
වශයෙන් කුරුණෑගල, මහනුවර, ගම්පහ, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක ඒ අතර ප්‍රමුඛ වේ.
මේ සදහා මුහුදු මට්ටමේ සිට උස මීටර 1500ක් දක්වා ප්‍රදේශ උචිත වේ. වාර්ෂික
වර්ෂාපතනය 2000 – 3500ක් පමණ සහිත ප්‍රදේශ අවශ්‍ය වන අතර වියළි කලාපයේ ජල සම්පාදනය
හොදින් කළ හැකි ප්‍රදේශවලද මේ වගාව කළ හැකිය. බෝගය සදහා වියළි කාලයේ ජල සම්පාදනය
කළ යුතුය. පොල් වගාව තුළ අතුරු බෝගයක් ලෙසද වගා කළ හැකි ඉගුරු වියළි කලාපීය
ගෙවතුවලද සාර්ථකව වැවිය හැකිය. තවද ඉගුරු වගාව සදහා මද ආම්ලිකතාවයිකින් යුතු
හොදින් ජලය බැසයන ලෝම පසක් කදිම වේ. පසේ pH අගය 5.5 -6.5 වීම ද වැදගත් වේ.
ප්‍රධාන
ප්‍රභේද දෙකකි. එනම් දේශීය වර්ගය හා චීන ප්‍රභේදය ලෙසයි. දේශීය ප්‍රභේදයේ රෛසෝම
කුඩා වන අතර වැඩි තන්තුවලින් යුතුය. බහුලවම දේශීය ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගැනේ. චීන
වර්ගයේ රෛසෝම විශාල වන අතර වැඩි මාංශ ගතියකින් යුතුය. දෝසි හා අනෙකුත් ආහාර
සැකසීමේදි මෙම වර්ගය යොදා ගැනේ.
කන්න
වගාවක් ලෙස ඉගුරු වගා කිරීමට උචිතම කාලය වන්නේ මාර්තු - මැයි කාලයයි. හෙක්ටයාරයක්
පමණ වගා කිරීමට රෝපණ ද්‍රව්‍ය කිලෝ 2500 -3000 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. සිටුවීමට
පෙර සෙන්ටිමීටර 25 -30 ගැඹුරට පස පෙරළා හොදින් කැට පොඩි කොට ක්ෂේත්‍රය සකසා ගත
යුතු වේ. එක පාත්තියක පේළි 4ක් අඩංගු වන අතර පේළි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර
30කි. සිටුවන අල කැබලි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 20 – 30 අතර වේ. සාමාන්‍යයෙන්
අල සිටුවීම සිදුකරන්නේ වර්ෂාවේ ආරම්භයත් සමගය. සිටුවීමෙන් අනතුරුව කොහුබත්, පොල්
අතු හෝ පිදුරු වැනි වසුනක් යොදා ක්ෂේත්‍ර ආවරණය ඉතා වැදගත් වේ.
පොහොර
යෙදීමේදී පැළ සිටුවීමට පෙර අක්කරයකට කාබනික පොහොර කිලෝ 8ක් හා TSP කිලෝ 40ක් යෙදීම
කළ යුතුවේ. පැළ සිටුවා මාසයකින් අක්කරයට යූරියා කිලෝ 26 ක් හා MOP කිලෝ 40ක් යෙදීම
කළ යුතුය. මාස 3කට පසුව නැවත යූරියා කිලෝ 26ක් හා MOP කිලෝ 40ක් යෙදීම කළ යුතුවේ.
වියළි
කාලයේදි හා නියං කාලවලදී සති දෙකකට වරක් ක්ෂේත්‍රය තෙත්වන ලෙස ජල සම්පාදනය කිරීම
ඉතා වැදගත්ය. සෑම පොහොර යෙදීමකටම පෙර වල් මර්දනය අනිවාර්ය වන අතර මේ සදහා ඔබට
උදැල්ලක් භාවිතා කළ හැකිය.
අනෙකුත්
බෝග සේම ඉගුරු වලටද වැලදෙන රෝග හා පළිබෝධ කීපයක්ම ඇත. ඒ අතර කද විදින පණු හානිය,
මෘදු කුණුවීම හා පත්‍ර අංගමාරය යන ඒවා ප්‍රධාන වේ. මෙම ඉගුරු වගාවට බලපාන රෝග
පිළිබදව ඉදිරි ලිපියකින් තවත් කරුණු ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
අල
සිටුවා මාස 8-10 අතර කාලයකින් අස්වනු නෙලීම කළ හැකිය. වායව කොටස කහ පැහැයට හැරී
මැලවී ගිය පසු අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. අල ගැලවීම සදහා උදැල්ලක් හෝ මුල්ලුවක්
භාවිතා කිරීම කළ හැකිය. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක පමණ වගාවකින් කිලෝ 10000 – 25000
පමණ අස්වැන්නක් ලැබිය හැකිය. අල කිලෝ එකක වගාවකින් සාමන්‍යයෙන් කිලෝ 15ක පමණ
අස්වැන්නක් ලැබෙන නිසා මෙය අනිවාරයෙන් ඔබට ආර්ථික වාසි ලබාදෙන බෝගයක් ලෙස
හැදින්විය හැකිය.
ඉගුරු
වගාව නිවැරදිව කරන අයවලුන් අක්කරයක පමණ වගාවකින් රුපියල් ලක්ෂ 15 – 20 ක පමණ
ලාභයක් උපයන බව නිශ්චිත වේ. සාමාන්‍යයෙන් ඉගුරු කිලෝවක මිල රුපියල් 250 -1000 අතර
විහිදී යයි. කැපවීමෙන් හා මහන්සියෙන් ඉගුරු වගාව සදහා ඔබට ආයෝජනය කළ හැකිනම් එය
රටේ ආර්ථිකයට මෙන්ම ඔබේ ආර්ථිකයටද ඉතා වටිනා එකක් වනු නොඅනුමානය.
No comments:
Post a Comment